Sunday, December 4, 2011

මා තනිවෙලා

නුඹ සඳක් වෙලා පායා
මට එලිය වුනු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි
මගේ මතක එපමණයි

සඳ එලිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිනි කඳුළු බින්දු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි

0 comments:

Post a Comment