Showing posts with label විරහව. Show all posts
Showing posts with label විරහව. Show all posts

Friday, January 13, 2012

මට විතරද දුක දැනෙන්නේ

හැමදාම හඬන සිත හදන්න ඔබ ළඟ නැනේ...
කවුරුත් එපා ඔබ හැරුනම දැනුනාවේ...
ඉස්සර වගේ හීනෙන්වත් දැන් එන්නැනේ...
මට විතරද දුක දැනෙන්නේ මන් දන්නැනේ...

සඳ මඩලට උපමාකර කවි ලියු කාලේ ...
කාගේත් දුක දැනුනා හිතක් ඔබ සතු වුයේ...
කදුළු බලා ඔබ අද මට හිනැහෙනවානේ...
ඔබවම සිත පතන කරුණ මං දන්නැනේ...

නෙතු තෙමුනා මගේ මතකෙට ඔබ එන ගානේ...
තාම හිතේ ඔබ ඇරුනම කව්රුත් නැනේ...
අද නැතිමුත් ළඟ සිටිදා හිත හැදුවානේ...
හිත මේ තරමට අසරණ ඔබ හින්දනේ...

Sunday, December 11, 2011

අවසානයට පෙර ඈ ගියා...

Photobucket
ඇරබුමම කඳුලක් වෙලා...
මා බලා ඉද්දි ඒ දිහා...
ආ දුරත් දුර වෙඩි නිසා....
අවසානයට පෙර ඈ ගියා...

දුක් බරව කවියක් ලියා...
එහි පද පෙළක් අඩුවෙන් තියා...
අරුත පසිදින්නට කියා...
අවසානයට පෙර ඈ ගියා...

ශෝකාන්තය එන තුරා...
එහි රැදෙන්නට සිත් නැති නියා...
අනන්තය මා ළඟ දමා...
අවසානයට පෙර ඈ ගියා...

Thursday, December 1, 2011

මා එදා කියූ දේ...

Photobucket මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ...
කියූ වදන් මතකේ තිය ගන්න බැරිදෝ...
මේ වතාවේ පමණයි සම දෙන්නේ මා නම්...
අයෙත් මතක නැතිනම් කියන්නෙම නෑ මං ...

Wednesday, November 30, 2011

හදවත ඉල්ලා ...

Photobucket හදවත ඉල්ලා ...
නොලැබුන  විටදී...
දහසක් සිතුවි මා...
හද තුල කැළඹී...
මුතුරිය ඔබ කෙලෙසක හෝ... අමතක කරමි
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතවී ...

ඔය නෙතු අග රැඳී  තිබු නිල්මිණි චායා..
දැක මා හදවත සසැලී සෙනෙහස කීවා...