Saturday, December 3, 2011

ආදරයෙන් හිතන්න....

Photobucket

ආදරයෙන් හිතන්න මගේ රත්තරන්...
අහිංසකයි විදපු කඳුළු ඇස දෙකෙන්...
සුසුම සුසුම පිට කලාට හදවතින්...
අයෙත් අපි මුණ ගෙහෙන්නේ නෑ ඉතින්...

කවියට ලස්සන වැකියක් ගෙතුවට...
ගීයට සුන්දර තනුවක් හැදුවට...
සිහියට එනකොට මතකෙට එනකොට...
මැරී මැරී ඉපදෙයි සෙනෙහස කඳුලට...

මැලවුණු මලකට පුබුදින්නට හැකි...
අටවක සඳකට හිනැහෙන්නට හැකි...
සෙනෙහසකට පනදෙන්නට ඇයි බැරි....
පෙම්කල සිත අහනවා අද වැඳ වැටි...

0 comments:

Post a Comment