මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන්නෑ...
ළඟ නොමැතිව දුර සිටියට අමතක වෙන්නෑ...
ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්නේ නෑ...
සිරගත කල සිතිවිලි වල කිසි අඩුවක් නෑ...
අපි ගතකල තැන් තැන් වල මතකය යන්නෑ...
වෙනදට වැඩියෙන් ආදරේ කිසි අඩුවක් නෑ...
මොන දේවල් ලැබුනත් මට ඔයා නැතුව බෑ...
අදට වඩා හොඳ දවසක් හෙට නැති වෙන්නෑ...
ඔබ ළඟ ඉන්නවනම් මට කාලය යන්නෑ...
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක් නෑ...
මොන දේවල් ලැබුනත් මට ඔයා නැතුව බෑ...
0 comments:
Post a Comment