Thursday, December 8, 2011

ඔබ මා සතුවේදෝ...

Photobucket
සුලන් රොදක් සේ ඔබ වෙත ඇවිදින්...
ලඟින් සිටින්නම් සැනෙකින්...
පහන් වැටක් සේ ඔබ ළඟ හිඳිමින්...
එලිය කරන්නම් සතුටින්...

ඔබ එක්වෙනවදෝ...
ඔබ ලන්වෙනවදෝ...
ඔබ මා සතුවේදෝ...
ඔබ මට හිමිවේදෝ...

මා දෙස බලමින් පවසන්...
ඔබ මගේම යයි කියලා...
මා වෙත ඇවිදින් මුමුණන්...
මුළු දිවියම ඔබේ කියලා...

සිහිනයකින් හෝ ඔබ ළඟ රැදෙමින්...
ඔය නෙතු අග දැවටෙන්නම්...
ඈත අහසේ තරු අතරින්...
ඔබ කැඳවාගෙන යන්නම්...

0 comments:

Post a Comment