Sunday, December 25, 2011

පලා ඇවිත් සිතුම් සියොතුන්...

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්......

මලක් නම් එය මලක් වුව මැන
සිනිදු සුකුමල........
රුවෙන් සරසන
විලක් නම් එය විලක් වුව මැන
නීල ඉදුවර දියෙන් උපදින....

නැවුම් වත්සුණු රොනින් මත් වී....
නීල නිම්නය සුපුෂ්පිත වෙයි
සිහින් හදකින් මහද අමතයි
මුදා හැරදා කවුළු සිරියහනේ.....

1 comment:

  1. මේක මට එව්වේ මගේ මිතුරෙක්වන Manoj Thalpawila..මුලුන්ම එයට ගොඩක් ස්තුති කරනවා අපේ Blog එක කියවනවටත් මේ වගේ අදහස් අපිට එවනවටත්...ඔබගේ උනන්දුව අපිව ටවත් දිරිමත් කරනවා...

    ReplyDelete