Tuesday, December 27, 2011

ඔබ ගැන හද මුමුණයි...

සඳු වලාකුලින් නිති වෙසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගියමුත්
යලි මතකයට නැගේ

දඟකාර ලෙසින් මගේ දෑත අරන්
දෙතොලින් සිප ගත්තා
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කඳුළු ගැලුවා

විහිළුවක් කලා අමනාපවෙලා
ඇස් රතු කර ගත්තා
වැළලී ගිය පෙම් පුරවත කියන්
මා අසරණ වුවා

0 comments:

Post a Comment