Wednesday, November 30, 2011

Charming Eyez

Every time I look in your eyes
I see mine, Paradise
The stars are shining 
Bright up in the sky
Painting words of desire


Oh, Charming eyes
I've heard that your eyes
Cast a beautiful spell
And those spells
Show beautiful dreams
Why don't you visit
My dreams as well
Come down on earth
Come and see me


Come and see me beyond the restrictions of time
Try to understand what my eyes try to convey..!!



හද සැලුනා...

Photobucket හද සැලුනා සියුමැලියේ ...
ඔබ ඇසුරේ සිහින විලේ...
රැයේ දිලෙන තනි තරුවේ...
ඇවිත්  හොරෙන් අයි බැඳුනේ ...

සිහින විලේ  ඉවුර දිගේ ...
ඇවිදින්නට හිතුමතේ ...
ඔබ එනවද තනි තරුවේ...
මටද තනි ඔබට වගේ...

කඳුළු ගඟේ කිමිද මෙසේ ...
වැලපෙන්නද රාත්‍රියේ...
ඔබම තමයි උරුම කරේ
ඔබ කොහේදෝ මියුලැසියේ 

සිහිනෙන් සිහිනෙන්

Photobucket සිහිනෙන් සිහිනෙන් මා හඩවනවා...මා හඩවනවා....
සැබෑ ලොවේදී ඔබ මා නෑ මුනගැසිලා නෑ හමුවීලා ...

අදුරු අතීතේ.. කඳුළු සලාලා...
තනි වූ කාලේ... ඔබ ලත වීලා...
සෙනෙහෙ පුදා හමු උන දා...
ඔබ එරෙහි උනා..මට සිහිවෙනවා ...

පැතු සෙනෙහෙ

Photobucket පැතු සෙනෙහෙ  සේයාරු මහදේ තියා..
ඇඳි සිතුවන් හොරැහින් මා ළඟටම තුරුල් වෙලා...
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා...
ඒ සෙනෙහෙ තාමත් ඇ හීනයක් වෙලා...

කෝලම් කරන ආවත් හිට යට ගුලි වෙමින්....
වෙමි නුබ පතන් මතාකළ නිල අහසට බලන්...
නොනිද නෙතේ නැමතිනම්...
හිත ඇතින් ඇතට ආ වග ලංවෙලා ...
අපේ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා ... 

හදවත ඉල්ලා ...

Photobucket හදවත ඉල්ලා ...
නොලැබුන  විටදී...
දහසක් සිතුවි මා...
හද තුල කැළඹී...
මුතුරිය ඔබ කෙලෙසක හෝ... අමතක කරමි
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතවී ...

ඔය නෙතු අග රැඳී  තිබු නිල්මිණි චායා..
දැක මා හදවත සසැලී සෙනෙහස කීවා...

මුළු මුහුදම හඬයි

Photobucket මුළු මුහුදම හඬයි ..
මම වෙරළේ නිසසලයි...
ඔබ මුහුදයි...
මම වෙරළයි...
මට සිතේ ....  :(

Tuesday, November 29, 2011

මේ සුවිසල් ලොව

කොතැනක සිටියත්
මට නුඹ සෙනෙහස
අහිමිව තිබුනත්
මා හදවත මත
සුපිපි සෙනේ මල
එදා වගෙම මට
සුවඳයි තවමත්...
   

Dreaming Of You


පෙම් සිසිලේ මගේ දෙනයන ඈ වෙත යනවා
මගේ දෙනුවන් මා සනසනවා
ඒ රහසේ මගේ හදවත මා සනසනවා
මගේ හදවත මා නලවනවා 
මේ සිහින ලෝකේ මා පමණි දන්නේ
කිසිදු දෙයක් ඇය නොදැන නිසා
කාටද කියන්නේ
හදවත ගැහෙන්නේ
ඈත ඉඳන් මම සිතන නිසා

                                                                                    

ආඩම්බරකාරී


නෙතු ළඟ දඟ කරන ආඩම්බරකාරී

ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවි
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවි
සිත මගේ ඉල්ලාවී

මගේ සුදු ආඩම්බරකාරී

කතා කරන කඳුළු

Photobucket
කතා කරන කඳුළු වලට සමා කරන්න...
ඔබ කල පව් බොහොම වැඩි තරහ නොවන්න...
සන්සරේදී කවද හෝ යලි හමු වන්න...
මටනම් බෑ කවදාවත් එහෙම හිතන්න ...

හදවත පාරන

Photobucket හදවත පාරන සොඳුරු හැඟුම්...
සිරකර ගෙන සිටියා ඇති දැන් ...
සවනට ලං වී ආදරයෙන්... 
කියන්න කාලය දැන් ඇවිදින් ....

මේ ඉර හඳ යට

Photobucket
ඔබ මා හමු උන...
මේ ඉර හඳ යට....
කොතෙනක හිටියත් ....
මා මල දවසට......
මගේ ළඟ තනියට ඉනු මැනවී......

සැමදා ඔබ මගේමයි වස්තුවේ ...

Photobucket
නෙතේ ඔබේ පෙන්වන්නේ ...
හදේ ගැඹුරුම තැනනම්...
ඒ නෙතේ මා දුටුවේ ...
බොඳ නොවූ මගේ රුවනේ ...