
ඇස් ආදරෙන් පුරෝනා..
හිත පාලුවෙන් ගලොනා...
ඔබ මගේම වෙන්න ඕනා...
මියැදෙන්න දෙන්න උනුහුමේ ඔබේ..
මා හදවතින්ම උමතු වී තියේ...
ඔබ සිහිවන හැම මොහොතක් ගානේ...
දැක ගන්න ඔබ මා ළඟ නෑනේ...
නුදුරේදීම කරග්ගනට මාගේ ...
අවසර දෙන්නට පමණයි ඕනේ...
ඉඩ දෙන්නම් පපුතුරේ...
නැලවෙනු මැන සොඳුරියේ...
මට ඔබම තමයි ඕනා ...
රැක ගන්නම් ජිවිතයම වාගේ ...
එක සැරයක් හදාගත්තනම් මාගේ...
සැනසෙන්නට හැමදාමත් ආයේ...
එනවද හිමිකම ගන්නට මගේ හීනේ...
නොසිදෙන මහා සාගරේ...
තරමට මගේ ආදරේ...
මට ඔබම තමයි ඕනා...
0 comments:
Post a Comment