Friday, January 13, 2012

මට විතරද දුක දැනෙන්නේ

හැමදාම හඬන සිත හදන්න ඔබ ළඟ නැනේ...
කවුරුත් එපා ඔබ හැරුනම දැනුනාවේ...
ඉස්සර වගේ හීනෙන්වත් දැන් එන්නැනේ...
මට විතරද දුක දැනෙන්නේ මන් දන්නැනේ...

සඳ මඩලට උපමාකර කවි ලියු කාලේ ...
කාගේත් දුක දැනුනා හිතක් ඔබ සතු වුයේ...
කදුළු බලා ඔබ අද මට හිනැහෙනවානේ...
ඔබවම සිත පතන කරුණ මං දන්නැනේ...

නෙතු තෙමුනා මගේ මතකෙට ඔබ එන ගානේ...
තාම හිතේ ඔබ ඇරුනම කව්රුත් නැනේ...
අද නැතිමුත් ළඟ සිටිදා හිත හැදුවානේ...
හිත මේ තරමට අසරණ ඔබ හින්දනේ...

Wednesday, January 11, 2012

මගේ සිත් අහසම

දුර ඇත වලාවක...
පිපුණු තරුවක්ව හිඳ...
බලා සිටියෙමි මම...
සඳ දෙසම...
මගේ සිත් අහසම...
එකලු කලේ...
නුඹ නිසාවෙන්...
සිත පුරා රැදුණු...
සතුට විඳ ගනිමින්...
සැමදා ඔබ ළඟ සිටිමි...
ඔබගේ ආදරයේ උණුසුම...
සැමදා මා හට ලැබේ කියා...

Thursday, January 5, 2012

මගේ ආදර නංගි,..

පැතුම් මලක් පිපෙන තුරා...

නොපැතුව මල් පතනු එපා....

පැතූ මලෙන් පිටතට ඔබ...

කිසි දවසක යන්න එපා...

කෙනෙකුට පිදු ඔබේ හදවත...

තව කෙනෙකුට දෙන්න එපා...

මෙතුන් ලොවේ වසනතුරා...

කෙනෙකුට දුක් දෙන්න එපා...

Sunday, January 1, 2012

සරා සඳ....

මහද මුලා වී ගිය සඳ...
කිමද නැගුනේසරා සඳ...
මහද අදුර දුරැලන්නද
නැගුනේ සරා සඳ...

තටු තිබුනට ඉගිල්ලෙන්න..
සිත නම් නෑ මට ඉවත යන්න...
ආදරයට පණ පොවන්න..
නැවතත් මට වරම් දෙන්න..

Tuesday, December 27, 2011

ඔබ ගැන හද මුමුණයි...

සඳු වලාකුලින් නිති වෙසෙන සඳේ
ඔබ ගැන හද මුමුණයි
අමතක කර ඔබ සැඟවී ගියමුත්
යලි මතකයට නැගේ

දඟකාර ලෙසින් මගේ දෑත අරන්
දෙතොලින් සිප ගත්තා
ආදර සුවදින් හද මල පිපිලා
සතුටු කඳුළු ගැලුවා

විහිළුවක් කලා අමනාපවෙලා
ඇස් රතු කර ගත්තා
වැළලී ගිය පෙම් පුරවත කියන්
මා අසරණ වුවා

Sunday, December 25, 2011

පලා ඇවිත් සිතුම් සියොතුන්...

හෙමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සිතුම් සියොතුන්
සුමුදු සයනේ සිනිදු ඇතිරිල්ලෙන්......

Friday, December 23, 2011

මට ඔයා නැතුව බෑ...

Photobucket පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන්නෑ...
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන්නෑ...
ළඟ නොමැතිව දුර සිටියට අමතක වෙන්නෑ...
ඔයාගේ ඔය පුංචි හිතට දුකක් දෙන්නේ නෑ...